May 02, 2024

දුර දකින රනිල්ගේ සැලසුම - නිදහසේ සියවස උදාවෙද්දි "ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක්"

September 09, 2021

අප හමුවේ ඇති අභියෝගය වන්නේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින දේශපාලන හා ආර්ථික ව්‍යසනයෙන් මුදවාගෙන "ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක්" බිහි කර ගන්නේ කෙසේද යන්න බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

අනාගත පරපුරේ ඉරණම

එම අරමුණ ඉටුකරගැනීමට නොහැකි වුවහොත් කුමන පක්ෂයකට අයත් වුවත් විනාශ වන්නේ මේ රටේ දරු දැරියන්ගේ අනාගතය බව මතක තබා ගත යුතු බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

කෘෂිකර්ම, ධීවර , සංචාරක , අධ්‍යාපන හා සෞඛ්‍ය ඇතුළත් බොහෝ ක්ෂේත්‍ර මේ වන විට බිඳ වැටී රට දරුණු ආර්ථික සිටින බවයි එ.ජා.ප නායකයාගේ මහතාගේ මතය වන්නේ.

කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම්

කෙටි කාලීන වැඩසටහනක් යටතේ රටේ ආර්ථික අර්බුදය ගොඩ ගැනීමටත් දීර්ඝකාලීන වැඩ සටහනක් යටතේ තව වසර 27 කින් නිදහසේ සිය වස උදාවන මොහොතේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ හැකියාව ඇත්තේ එ.ජා.පයට පමණක් බවයි වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

1948 වන විට ජපානය සමග ආසියාවේ පෙරමුණේ සිටි ශ්‍රී ලංකාව අද වන විට සිටින්නේ ඇෆ්ගනිස්ථානයට පමණක් වඩා ඉදිරියෙන් බව එජාප නායකයා අවධාරණය කරනවා.

මේ සුදුසුම අවස්ථාව

ඉදිරියට ගෙන යෑමට හැකි සැලසුම් පිළිබඳව කතා කිරීමට සුදුසුම අවස්ථාව මේ අවස්ථාව බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා ඉතිහාසය තුළ ආණ්ඩු මාරු වෙද්දී ප්‍රතිපත්තිත් මාරුවීම රටේ පරිහානියට හේතු වූ බවයි සඳහන් කරන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් සඳහන් කළේ එ.ජා.පයේ 75 වැනි සංවත්සර උත්සවය අමතමින්.

පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම සංවත්සර උත්සවය පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේ.

Rate this item
(13 votes)
Last modified on Thursday, 09 September 2021 02:05