May 04, 2024

හදිසි රෙගුලාසි ඡන්දෙදි ගුරා පාර්ලිමේන්තුවේ: ගෝලයෝ ටික අතුරුදහන්

September 08, 2021

හදිසි නීති රෙගුලාසි සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වුණා.

එහිදී මන්ත්‍රීවරුන් ඡන්දය පාවිච්චි කළ ආකාරය පිළිබඳව මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙන්නේ.

මන්ත්‍රීවරුන් පස් දෙනා

රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එහිදී ඡන්දය පාවිච්චි කළ ආකාරය කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මුස්ලිම් කොංග්‍රස පාර්ලිමේන්තු කණ්ඩායම මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගෙන් සමන්විතයි.

ඔවුන් සියලු දෙනාම පසුගිය මහ මැතිවරණයේදී පත්වූයේ සමගි ජන බලවේගය නියෝජනය කරමින්.

පිරිසක් ආණ්ඩුව සමඟ

එහෙත් ඒ අතුරින් පක්ෂ නායකයා හැර අනිකුත් මන්ත්‍රීවරුන් 4 දෙනා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ආණ්ඩුවට එකතු වුණා.

මේ නිසා ඔවුන් 4 දෙනාව සමගි ජන බලවේග මන්ත්‍රී  කණ්ඩායමෙන් ඉවත් කර තිබෙන්නේ.

හදිසි නීති රෙගුලාසි වලට ඡන්දය විමසීමේදී පක්ෂ නායක හකීම් මහතා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

එහෙත් ආණ්ඩුව සමග සිටින ඔහුගේ අනිකුත් ගෝලබාල මන්ත්‍රීවරුන් 4 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ එය මගහැර සිටි බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දෙපැත්තටම නැහැ

ඒ අනුව මෙම මන්ත්‍රීවරු 4 දෙනා හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව හෝ විරුද්ධව ඡන්දෙ දුන්නේ නැහැ.

ඒ ෆයිසල් කාසීම් , එම්.එම්.එම් හාරිස් , එම්.එස්.තවුෆීක් හා නසීර් අහමඩ් යන මන්ත්‍රීවරුන්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 September 2021 13:19

Related items