May 17, 2024

හදිසි නීති රෙගුලාසි සම්මතයි: පක්ෂව 132 - විරුද්ධව 51 (VIDEO)

September 06, 2021

ජනපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා සඳහා පැනවුණු හදිසි නීති රෙගුලාසි පනත වැඩි ඡන්ද 81කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 132 ක් හා විපක්ෂව ඡන්ද 51 ක් ලැබුණු අතර විපක්ෂයේ සියලු පක්ෂ ඊට විරුද්ධව ඡන්දය දුන්නා.

ජනපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද අදාළ හදිසි නීති රෙගුලාසි එය පනවා දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු අතර එසේ නොවුණහොත් එය දින 14 කින් අවලංගු වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ සම්මත රැගත් අදාල නීති රෙගුලාසි වලංගු වන්නේ මාසයක් සඳහා පමණයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 17:26

Related items