May 03, 2024

ඉෂාලිනීගේ සිද්ධියට රිෂාඩ් බදියුදීන් ඇතුළු පවුලේ අයට අධිකරණයෙන් දුන් තීන්දුව

September 06, 2021

ඉෂාලිනී ජූඩ් නම් 16 හැවිරිදි දැරියක් පිළිස්සී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද (06) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

දැරියගේ මරණය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අදාළ නඩු විභාගයේ 03 වන සහ 04 වැනි සැකකරුවන් වන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා සහ දැරියව මෙහෙකාර සේවයට යෙදවූ තැරැව්කරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

එහිදී මන්ත්‍රීවරයාගේ මස්සිනාටා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ තැරැව්කරු හට රුපියල් ලක්ෂ 03ක් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස මුදා හැරියා.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගන්නා ලෙසද නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින සෙසු සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ඔහුගේ බිරිඳ සහ මාමන්ඩිය ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර සිටියා. 

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 14:38