May 17, 2024

ඇමතිගෙන් පුද්ගලික අංශයට කොක්කක්: විශ්වාසය තබන්න බැහැ - රජය වැඩේට බහින්න ඕන

September 06, 2021

අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධයෙන් තවදුරටත් පුද්ගලික අංශය පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රජයේ වගකීම

ඒ නිසා රජයද ස.තො.ස හරහා විදේශ රටවලින් අත්‍යවශ්‍ය ආහාර ගෙන්වීමේ වැඩපිළිවෙලකට අවතීර්ණ විය යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේ ගෙන්වන ආහාර ද්‍රව්‍ය ගබඩා කර ගැනීම සඳහා ගබඩාද වැඩි කළ යුතු බව අමාත්‍යවරයාගේ අදහසයි.

විශ්වාසය බිඳ දැමුවා

විදේශ රටවලින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන පුද්ගලික අංශය පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළද ඔවුන් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයෙන් එම විශ්වාසය බිඳ වැටී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

අමාත්‍යවරයා මේ කරුණු පෙන්වා දුන්නේ සීනි , හාල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල පසුගිය දිනවල පාරිභෝගිකයාට දරාගැනීමට දරා ගැනීමට නොහැකි තරමටම ඉහළ යාම පදනම් කරගෙන පාර්ලිමේන්තුව අමතමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 06 September 2021 13:54

Related items