April 28, 2024

බදියුදීන්ට දුරකතනය දුන් පුද්ගලයා සොයාගනී!

September 04, 2021

රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී තිබෙනවා.

ඒ අනුව එම ජංගම දුරකථනය ලබාදීමට කටයුතු කළ බන්ධනාගාර ජේලර්වරයා හදුනාගෙන තිබෙනවා.

ඒ, බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුවයි. ඔහු මැගසින් බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයෙක්. 

මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විනය පරීක්ෂණයකට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇත.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 04 September 2021 11:43