April 27, 2024

රිෂාඩ්ගේ හිර කුටියෙන් මතු වූ තහනම් බඩුව (VIDEO)

September 02, 2021

සිරගතව සිටින පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගන්නට බන්ධනාගාර නිලධාරීන්ට හැකිවී තිබෙනවා.

වැලිකඩ මැගසීන් බන්ධනාගාරයේ් සිරගතව සිටින රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රධාන ජෙරල්වරයා සහ තවත් ජෙරල්වරයෙකුත් එක්ව මන්ත්‍රීවරයාගේ සිර මැදිරිය වෙත යන අවස්ථාවේ මන්ත්‍රීවරයා විසින් දුරකථනය භාවිත කරමින් සිට තිබෙනවා.

පසුව නිලධාරීන් දුටු මන්ත්‍රීවරයා විසින් සිර මැදිරියේ තිබූ කවුළුවෙන් දුරකථනය එළියට විසින් කර තිබූ බවයි සඳහන් වන්නේ.

ප්‍රධාන ජෙරල්වරයා සහ සෙසු නිලධාරීන්ට පසුව මෙලෙස විසි කර දැමූ දුරකථනය සොයා ගන්නට හැකියාව ලැබී තිබුණා.

දුරකථනය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සඳහා එය බුද්ධි අංශ වෙත ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගේ ප්‍රකාශය පහතින්,

Rate this item
(0 votes)