May 17, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝධායන පොකුරත් ඉහළට

September 01, 2021

අසංක නවරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කොවිඩ් ආසාදනය වූ නවතම මන්ත්‍රීවරයා ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ.

ඒ අනුව මේ වන විට ආණ්ඩු විපක්ෂ දෙපක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 27 ක් කොවිඩ් ආසාදිතයින් සේ හඳුනාගෙනයි තිබෙන්නේ.

නිරෝධායන පොකුර

එහෙත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විට කොවිඩ් ආසාදිතයින් හා සමීපව ගැටීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80ක් මේ වන විට නිරෝදායනය ලක්වී තිබෙනවා.

කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුගේ බිරින්දෑවරුන්ට මෙන්ම දරුවන් ඇතුළු ළඟම ඥාතීන්ටද වසංගතය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

පවුලේ ඥාතීනුත් ආසාදිතයන්

නමතම ආසාදිතයා වන නවරත්න මහතාගේ බිරිඳටද කොවිඩ් ආසාදනය වී ඇති බැව් දැනගන්නට තිබෙනවා.

එහෙත් මෙසේ කොවිඩ් ආසාදනය වූ මන්ත්‍රීවරුන් ඇතුළු පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 95% කට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙනයි තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 17:12

Related items