May 14, 2024

ලංකාගම සිට නෙළුව මාර්ගයේ වැඩ අවසන්! "කිසි ගහක් කැපුවේ නෑ" - ඇමැති ජොන්ස්ටන් කියයි (PHOTOS)

September 01, 2021

සිංහරාජ ලෝක උරුමය ආශ්‍රිත ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගයේ වැඩ සියයට 98කින් අවසන් කර තිබෙන බවත් එම මාර්ගය පරිසර පද්ධතියට හානි නොවන අයුරන් ඉදිකර තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොවිඩ් කාලෙ උනත් මේ මාර්ගය ඉදිකිරීමට ශක්තිය දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ස්තුතිය පිරිනමනවා.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ ලංකාගම - නෙළුව මාර්ගයේ වත්මන් තත්වය පිළිබදව මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

"විපක්ෂය ප්‍රමුඛ අනෙකුත් විරුද්ධ මතධාරී දේශපාලනික පක්ෂයන් විසින් ලංකාගම සිට නෙළුව දක්වා මාර්ගය හදන්න පටන් ගත් දා සිට මේකට විරුද්ධව කතා කලා . ඔවුන් කිසිම කෙනෙක් මේ මාර්ගය හදනකොට හොදක් කිවුවේ නෑ. මේක බලන්න ආවේ නැහැ. මම මහාමාර්ග විෂය භාර අමාත්‍යවරයා විදිහට පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත අවස්ථා කිහිපයකදී කිවවා ලංකාගමට යන්න වාහනයක් සහ අනෙකුත් පහසුකම් සියල්ල ලබා දෙන්නම් ගිහින් බලන්න මේ පාර කොහොමද හදන්නේ කියලා. නමුත් විපක්ෂය කලේ ජවිපෙ සහ විවිධ පුද්ගලයින් ටික එකතු කරගෙන කොළඹට වෙලා මේ පාර හදන එකට විරුද්ධව උද්ඝෝෂණ කරපු එක තමයි.ගස් කපනවා සිංහරාජය විනාශයි කිව්වා.කෝ එක හානියක් උනාද?

ඔවුන් මුළු ලෝකයටම කිව්වා මේ පාර හදන්න රාජපක්ෂලා විශාල වශයෙන් මේ සිංහරාජ වනාන්තරයේ ගස් කපනවා කියලා. මේ මාර්ගය හදන්න අපි කිසිදු ගසක් කැපුවේ නැහැ. මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකාය මගින් සිදු කරනු ලැබුවා." යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකාගම - නෙළුව මාර්ගයේ ඡායාරූප පහතින්,

May be an image of nature

May be an image of tree, nature, bridge and road

May be an image of tree, nature and road

May be an image of nature, palm trees and road

May be an image of nature, tree and road

May be an image of tree, nature and road

May be an image of nature

May be an image of tree, nature and road

May be an image of nature, tree and road

May be an image of nature, tree and road

May be an image of nature and road

May be an image of tree, nature and road

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 12:01

Related items