May 02, 2024

රට වසා දැමිල්ල අසාර්ථකයි: විද්‍යානුකූල නැහැ - රනිල් දැන් කියන කතාව

මේ වන විට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අසාර්ථක එකක් බැව් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරනවා.

විද්‍යානුකූල ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කරන තුරු කොවිඩ් වසංගතය තුරන් කිරීමට නොහැකි බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

ජේෂ්ඨයන් සමග පැවැත්වූ සාකච්ඡාව

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දිනට යෙදී තිබෙන එ.ජා.ප යේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් පක්ෂයේ ජේෂ්ඨයන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

 සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ එම සාකච්ඡාවට මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර , හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් , සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.

ඉදිරියේදී රටට හා ජනතාවට වෙන දේ

එහිදී රටේ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මුහුණ දීමට සිදුවන බරපතළ තත්ත්වය හා ජනතාවට මුහුණ දීමට සිදුවෙන අසීරුතා සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ මහතාද රට වසා දමන ලෙස ඉල්ලීම් කළ පිරිස අතර සිටින කෙනෙක්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 31 August 2021 13:03