April 27, 2024

පුත්තලමේ ටෝකන් වැඩේ රිෂාඩ්ගේ ගෝල මන්ත්‍රීගේ වැඩක්

පුත්තලම් දිස්ත්රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරනය මේ වන විට ප්‍රශ්න රැසකට ලක් වී තිබෙන්නේ.

ඒ එම වැඩපිළිවෙළ සඳහා විවිධ පාර්ශව අත පෙවීම හා ඒ මත දිස්ත්‍රික්කයෙන් පිට පුද්ගලයින්ද එන්නත් ලබා ගැනීමට කටයුතු කිරීම නිසා.

එම වැඩපිළිවෙලට බලපෑම් කළ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගැන තොරතුරු වාර්තා වනවා.

ඒ අලි ෂබ්රි රහීම් මන්ත්‍රීවරයායි.

හොර පාරට මග කැපූ මන්ත්‍රී

ඒ ඔහු පුත්තලම සහිරා ජාතික පාසලේ එන්නත්කරණය මුල් කොටගෙන පුත්තලම ජුම්මා දේවස්ථානය නිල මුද්‍රාව යටතේ ටෝකන් නිකුත් කිරීමට යාමක් මුල් කොටගෙන.

පුත්තලම මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ අංශ ස්ථානාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම වැඩපිළිවෙළ වැළකී ඇති බවයි වාර්තා වන්නේ.

එනිසා එම ස්ථානයේ ඇති වීමට ගිය අනවශ්‍ය උණුසුම් වාතාවරණයක් මග හැරී ගොස් තිබෙනවා.

විපක්ෂයේ සිට ආණ්ඩුවට සහය දීම

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ අදාළ මන්ත්‍රීවරයා රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වීමයි.

මේ මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ සන්ධානගත පක්ෂයක් වන එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ආණ්ඩුවට සම්බන්ධ වූ මන්ත්‍රීවරයෙකු වනවා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙමිනුයි මේවා මන්ත්‍රීවරයා ආණ්ඩුවට එකතු වූනේ.

එහෙත් ආණ්ඩුව පවසන්නේ එම මන්ත්‍රීවරයා ආණ්ඩුවට විපක්ෂයේ සිට සහාය දෙන මන්ත්‍රීවරයෙකු මිස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරයකු නොවන බවයි.

එහෙත් සමගි ජන බලවේගය පවසන්නේ අදාළ මන්ත්‍රීවරයා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු බැවින් සිය මන්ත්‍රී කණ්ඩායම්  රැස්වීමටවත් සහභාගී කර නොගන්නා බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 August 2021 19:22