May 02, 2024

මංගලට කතා කළ සුවිශේෂී හිතවතාට දුන් අවසන් පණිවිඩය

මංගල සමරවීර මහතා මිය යන්නට පෙර දින තමන් ඔහු සමග දුරකථනයෙන් කතා බස් කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝක පණිවිඩයේ සඳහන් කර තිබෙන්නේ.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වික්‍රමසිංහ මහතා පමණක් නොව හිටපු ජනපතිනී චන්ද්‍රිකා ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එදින මංගල සමරවීර මහතා සමග දුරකථනයෙන් කථා බස් කර තිබෙනවා.

හිටපු ජනපතිනිය මංගල සමරවීර මහතාගේ ඉතාමත් කිට්ටුවන්ත මිතුරෙක්.

එහෙත් හිටපු ජනපතිනිය මංගල සමරවීර මහතා සමඟ අවසන් වරට කතා කළ ඒ සිදුවීම සිය ශෝක පණිවිඩ ඇතුළත් නොකිරිමට වග බලාගෙන තිබෙනවා.

මිය යන්නට පෙර දින

මිය යාමට පෙර දින (23) මංගල සමරවීර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී තිබුණු බවයි "ලංකා" රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එනිසා එදින මංගල සමරවීර මහතා ඉතා සතුටින් ගත කර ඇත්තේ ඉක්මනින් නිවස  බලා යාමට හැකි වෙතැයි යන විශ්වාසය මත.

"මට ටිකට් කපාගෙන ඉක්මනට එන්න පුළුවන්"බව මංගල සමරවීර මහතා හිටපු ජනපතිනියට මෙන්ම වික්‍රමසිංහ මහතාටද ඔවුන් සමඟ පැවැත්වූ දුරකථන සංවාද වලදී සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දරුණු හෘදයාබාධයක් වැළඳීම

එහෙත් ඊට පසු දින එනම් ඊයේ (24) කොවිඩ් නිසා දුර්වලව සිටී මංගල සමරවීර මහතාට දරුණු හෘදයාබාධයක් වැළදී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මංගල සමරවීර මහතාට ප්‍රතිකාර  කර තිබෙන්නේත් සුවිශේෂී වෛද්‍යවරයෙක්.

ප්‍රතිකාර කළ සුවිශේෂී දොස්තර

ඒ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා.

කොවිඩ් 19 මෙරටට පැමිණි මුල් කාලයේ එය වැළඳුණු පළමු වෛද්‍යවරයා වන්නේ ඔහුයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 25 August 2021 17:21