April 28, 2024

දැරිවිය පරලොව යැවූ ක්‍රමයට දොස්තරවත් යවන රිෂාඩ්ගේ සැලසුම

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුදීන් මහතා බන්ධනාගාර වෛද්‍යවරයකුට කළ මරණීය තර්ජනය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

මේ එම වෛද්‍යවරයා මරණ තර්ජනය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට කළ පැමිණිල්ල මත.

දැරිවිය මියගිය ආකාරය සිහිවීම

බදුදීන් මහතා සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිවියක වන ඉශාලිනී ජූඩ් කුමාර් දැරිවිය මුහුණ දුන් ආකාරයේ සිද්ධියකට වෛද්‍යවරයාටද මුහුණ දීමට කටයුතු සිදුකරන බවටද තර්ජනය කර ඇති බව වෛද්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.

ඉශාලිනි දැරිය මියගියේ ඇගේ සිරුරට ගිනි ඇවිලීමෙන්.

වෛද්‍යවරයාටද තර්ජනය කර ඇත්තේ ඒ හා සමාන මරණයක් මතක් කරමින්.

ගිනි තබා මරා තැබීම

"තමුසේ දන්නේ නැද්ද මම මොකක් කරල ද ආවේ කියලා.තමුසෙව වෙන ලෝකෙකටත් අරින්න පුළුවන්.පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්.තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි.එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි.තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදුදීන්."

"මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා.ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා.උඹේ ආයුෂ කෙටියි."

"දොස්තර පරිස්සම් වෙලා හිටපන්.ඉක්මනට මෙතනින් පලයන්.ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්."

බදුදීන් මහතා මරණීය තර්ජනය කළ වෛද්‍යවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශකගේ එහෙම සඳහනකුත් තියෙනවා.

බදුදීන් පවුලේ අනන්‍යතාවය

වෛද්‍යවරයාගේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෛද්‍යවරයාව ඝාතනය කිරීම සහ ඝාතනය කරන ආකාරය ගැන බදුදීන් මහතා කළ අනතුරු ඇඟවීමයි.

බදුදීන් මහතාගේ මෙම තර්ජනය සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විට අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව බාර දී තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 23 August 2021 13:22