May 02, 2024

රටේම වාහන පෝලිම් කළ රනිල්ගේ ගෝලයා අත්අඩංගුවේ

ඉකුත් 20 වැනි දින දින දහයකට රට වැසීමේදී ඉන්ධන පිරහුම් පිරවුම් හල අසල මධ්‍යම රාත්‍රිය වන තෙක්ම දැඩි වාහන තදබදයක් දක්නට ලැබුණා.

ඊට හේතු වූයේ තෙල් හිඟයක් ඉදිරි දින කිහිපයේදී ඇති වන බවට පළවුණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව මහජනයාගේ විශ්වාසයක් ඇති වීමයි.

එ.ජා.පයට අනුබද්ධිත ශාඛාව

එම ප්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතායි.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට අරගෙන.

ඒ වැලිසර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී.

බලශක්ති ඇමතිගේ ප්‍රතිචාරය

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් රට තුළ ඇති වූ තත්ත්වය පිළිබඳ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද ඒෂියන් මිරර් වෙත සිය අදහස් පළ කළා.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කළ විශ්‍රාමික සේවකයෙකු විසින් පතුරුවන ලද අසත්‍ය තොරතුරු මත ඉන්ධන පිරවුම් හල් අසල මෙසේ වාහන තදබදයක් ඇති වූ බවයි අමාත්‍යවරයාගේ මතය.

රට තුළ කිසිදු තෙල් හිඟයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 21 August 2021 20:57