May 19, 2024

"මට වාර්තාවක් ඕන" - ඇමැති ජොන්ස්ටන්ගෙන් ලේකම්ට නියෝගයක්

දිවයිනේ සංවර්ධනය විය යුතු මාර්ග පිලිබදව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

දිවයිනේ සංචාරක කලාපවල ඇති සියලු මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු සකස් කරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්. ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔහු මෙසේ උපදෙස් ලබා දුන්නේ පසුගිය 15 වැනිදා මහාමාර්ග අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා,

"සංචාරක කර්මාන්තයෙන් අපේ රටට විශාල ලෙස විදේශ විනිමය ලැබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු විය යුතුය. සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් යටිතල පහසුකම් සංවර්ධනය විය යුතුයි. අපිට හැම දෙයක්ම නිකන් ලඟට එනකම් ඉන්න බෑ.අවුරුදු ගණනාවක් ඉදිරියට හිතලා වැඩ කළ යුතුයි. අපේ ශ්‍රී ලංකාව ඉතාමත්ම සුන්දර රටක්. ඓතිහාසික ස්ථාන සුන්දර පරිසරයන්, මුහුදු වෙරළවල්, වනාන්තර, දිය ඇලි, ගංගා, වැව් අමුණු, පූජනීය ස්ථාන මේ සියල්ලන්ගෙන්ම පොහොසත් රටක්. ඒ වගේමයි විවිධ වූ දේශගුණික කලාප තියෙනවා. පැය කිහිපයක ගමනකින් විවිධ දේශගුණික කලාපවල අත්දැකීම් විඳගන්න පුළුවන්. ජෛව විවිධත්වය අතින් ගත්තම ලෝකයේ ඉහළම තැනක ඉන්න රටක්. අපි සංචාරකයින් ගෙන්වා ගන්නනම් පහසුකම් දෙන්න ඕන.යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනේ. මේවා අපි අද ගැන හිතලා කරන වැඩ නෙවෙයි අනාගතය ගැන හිතලයි වැඩ කරන්න ඕන. ඒ නිසා සංචාරක කලාප වල මාර්ග සංවර්ධනය කඩිනමින් සිදු කරන්න."

කඩිනමින් සංචාරක කලාප වල සංවර්ධනය විය යුතු මාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් තම වෙත ලබා දෙන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයා හා මහා මාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන් බවයි එම අමාත්‍යාංශ සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)

Related items