May 17, 2024

පක්ෂයෝ නායකයෝ අද 11ට රැස්වී තීන්දුවකට සැරසෙයි

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳව විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ උදෑසන 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.ෙ

මීට පෙර පැවැති පක්ෂ නායක රැස්වීම්වලදී පාර්ලිමේන්තු සැසිවාරය අඟහරුවාද සිට සිකුරාදා දක්වා ඇති දිනයක්වලදී පමණක් පැවැත්වීමට තීරණය කර තිබුණා‍ෙ

නමුත් දැන් පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සුදුසු නොවන බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද පවසා සිටිනවා

එමෙන්ම සමගි ජන බලවේගය විසින් ද පාර්ලිමේන්තුව මෙම තත්ත්වය යටතේ නොපැවැත්විය යුතු බවට වන යෝජනාවක් අද පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 August 2021 09:15

Related items