May 12, 2024

උදයට බැරි ඇයි ඩයනා වගේ වෙන්න - මන්ත්‍රී කණ්ඩායමට ප්‍රශ්නයක් Featured

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා 150කට වැඩි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ලබා දීමට සූදානම් කොට තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විශ්වාසභංගෙට දුන් සහයෝගය

තමන්ට එරෙහිව සමගි ජන බලවේගය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සඳහා ඉකුත් 5 වැනිදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට අමාත්‍යවරයා සූදානම් කොට තිබුණා.

ඒ තලවතුගොඩ පිහිටි ග්‍රෑන්ඩ් මොනාචි හෝටලයේදී.

එහෙත් කොවිඩ් ආසාදනය වූ සිය අමාත්‍යාංශයේ කිහිප කෙනෙකු හා ගැටීම හේතුවෙන් අමාත්‍යවරයා නිරෝධායනට ලක් වීමත් සමඟ එම භෝජන සංග්‍රහය එළඹෙන 19 වෙනිදා දක්වා කල් දමයි තිබුණේ.

පණිවිඩය මන්ත්‍රී කණ්ඩායමට

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායන කාලය අවසන් කර තිබුනත් දැන් පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාත්‍රී භෝජන සංග්‍රහය දින නියමයක් නැතුව කල් දමා තිබෙන බව වට්ස් ඇප් පණිවුඩයක් හරහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙත අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට ඒම සඳහා ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස් වීමේ සතුට සැමරීම සඳහා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සංවිධානය කළ සුපිරි සාදය පිළිබඳව විවේචනද එල්ල වී තිබෙන අවස්ථාවකයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියද එම සාදය පවතින කොවිඩ් වසංගත නීතිරීති නොසලකා සංවිධානය කර තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන්.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 07:49