May 19, 2024

රජයේ සහනය වැඩක් නෑ - සමාගම් කිරිපිටි මිල වැඩි කිරීමට යයි

රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ ඉවත් කළ බද්දෙන් කිරිපිටි කිලෝවක පාඩුව රුපියල් 100 ක් පමණ පියවා ගත හැකි බවයි.

කෙසේ වෙතත්, එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය මත අවම වශයෙන් කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීම අත්‍යාවශ්‍ය බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ.

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් පවසන්නේ වෙළඳපොල තුල කිරිපිටි හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 August 2021 13:21