April 28, 2024

සිද්ධිය ගැන රිෂාඩ්ගෙනුත් ප්‍රශ්න කරයි: මරු උත්තරයකුත් දීලා

මෙහෙකාර සේවයේ යොදවා සිටියදී සිය නිවසේදී අවාසනාවන්ත ලෙස මියගිය ඉශාලිනී ජූඩ් කුමාර් බාල වයස්කාර දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශකයන්ගේ රිෂාඩ් බදුදීන් මහතාගෙන් ප්‍රශ්න කොට තිබෙන බව වාර්තා වනවා.

ඒ ඉකුත් සෙනසුරාදා (7).

විමර්ශකයන් බදුදීන් මහතාගෙන් ප්‍රශ්න කර තිබෙන්නේ ඔහු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තුළයි.

දින විසි තුනකට පසු

නිවසේ ගෘහ මූලිකයා වන බදුදීන් මහතාගෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කර දැරියගේ මරණය සිදුවී දින 23 කට පසු පළමු වතාවටයි.

දැරියට නිවසට පිටින් පිහිටි පිටස්තර කාමරයක් ලබාදීමට හේතුවද බදුදීන් මහතා විමර්ශකයන් හමුවේ ප්‍රකාශ කොට තිබෙනවා.

දැරිවියගේ ආරක්ෂාවඔහු

ඒ නිවසට නිරන්තරයෙන්ම අමුත්තන් පැමිණ බැවින් දැරිවියගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ ඇස නොගැටීමට බවයි.

ඒ හැර මේ සම්බන්ධයෙන් බදුදීන් මහතා කර තිබෙන ප්‍රකාශ සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.

නිවසේ නොසිටීම

දැරියට ගිනි ඇවිලෙන අවස්ථාවේ බදුදීන් මහතා නිවසේ නොසිටියේ ඔහු ඒ වන විටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටි නිසයි.

එහෙත් දැරිය නිවසේ සේවයට පැමිණෙන අවස්ථාවේ බදුදීන් මහතා එම නිවසේ සිටි බව තහවුරු වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 23:18