April 28, 2024

රිෂාඩ්ගේ නැන්දණියටත් චෝදනා : එහෙත් ඇය තවමත් නිදැල්ලේ Featured

රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී අවාසනාවන්ත ලෙස මිය ගිය බාල වයස්කාර දැරිවියක වූ ඉශාලිනි ජූඩ් කුමාර් සිද්ධිය සම්බන්ධයෙන් යළිත් අවධානය යොමු වුණේ සැකකරුවන් පිරිස දින 14කට යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් සමගයි.

සෙට් එක තවදුරටත් රිමාන්ඩ්

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ බදුර්දීන් මහතාගේ බිරිඳ , මාමණ්ඩිය සහ තැරැව්කරු එළඹෙන 23 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන්නේ.

විත්තිකරුවන් වෙනුවෙන් කෙරුණු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එළැඹෙන 23 දක්වා මේ තිදෙනා රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

බදුදීන් මහතාගේ නිවසේ කටයුතු සිදු වූ ආකාරය පිළිබඳවද තවත් තොරතුරු මේ වන විට හෙළිදරව් වී තිබෙන්නේ.

ගෙදර පාලනය අමුතු විදිහට

ඒ අනුව බදුදීන් මහතාගේ බිරිඳගේ මව (නැන්දණිය) තවමත් අත්අඩංගුවට ගෙන නොතිබීම ප්‍රශ්නයක්.

හෙළිදරව් වී තිබෙන තොරතුරු වලට අනුව නිවසේ පාලනය බදුදීන් මහතාගේ බිරිඳ විසින්ද , මුළුතැන්ගෙයි පාලනය ඇගේ මව විසින්ද , මුදල් පාලනය මෙන්ම මෙහෙකාර සේවයට තැරැව්කරුවන් හරහා දැරිවියන් බඳවා ගැනීම ඇගේ පියා විසින්ද සිදු කර තිබෙනවා.

ඒ අනුව නිවසේ ගෘහ මූලිකයා ලෙස රිෂාඩ් බදුදීන් මහතාට නිවසේ වගකීමක් පැවරී නැහැ.

නැන්දම්මාගේ ප්‍රචණ්ඩත්වය

අනාවරණය වන තොරතුරුවලට අනුව බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිවියන් 11 දෙනා පාලනය කර තිබෙන්නේ ඔහුගේ මව සහ බිරිඳ විසින්.

එම 11 දෙනා අතරින් මේ වන විට ජීවත්ව සිටින්නේ 8 දෙනෙකු වන අතර ඔවුන්ගේ සාක්ෂි වල සඳහන් වන්නේ තමන් සියල්ලන්ම බදුදීන් මහතාගේ බිරිඳගේ පමණක් නොව ඇගේ මවගේද අඩත්තේට්ටම් සහ පහර දීම් වලට ලක් වූ බවයි.

එහෙත් සාක්ෂි ඉදිරිපත් ඉදිරිපත් ව තිබුණද බදුදීන් මහතාගේ නැන්දණිය මේ වන තුරුත් සිටින්නේ නිදැල්ලේ.

ඇයගෙන් විමර්ශකයන් ප්‍රශ්න කිරීම් පමණක් කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 August 2021 01:34