May 12, 2024

ඩයනාගේ පාටියෙන් මතු වූ බදුලු "සුපර් ඩාන්සර්"

කොවිඩ් වසංගත තත්ත්වයේ දරුණු බවද නොසලකා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තලවතුගොඩ පිහිටි සිය නිවසේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ සාදයේ කැපී පෙනෙනම චරිතය ගැනද තොරතුරු වාර්තා වනවා.

මන්ත්‍රීවරිය මෙම සාදය සංවිධානය කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා අවස්ථාව සලසා දීමට ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ සතුට සමරන්නටයි.

සාදයේ වීරයා කුසලානය බදුල්ලට

එසේ වුවද මත්පැනින් හා සංගීතයෙන් බරවූ එම සාදයේ කැපී පෙනෙනම චරිතය වී තිබෙන්නේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී , හිටපු ඌව මහ ඇමතිවරයා වූ චාමර සම්පත් දසනායක මහතායි.

එම සාදයේ දී කවුරුත් පුදුම කරවමින් දසනායක මන්ත්‍රීවරයා සිය නර්තන හැකියාවන් පෙන්වමින් අපූරු නැටුමක් ඉදිරිපත් කර තිබෙනවා.

නැටුමේ තොරතුරු පාර්ලිමේන්තුවටත්

දසනායක මන්ත්‍රීවරයාගේ එම නැටුම කෙතරම් දුරදිග ගියේද යත් ඒ ගැන පාර්ලිමේන්තුවේද කතාබස් වී තිබෙනවා.

ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වූ මන්ත්‍රීවරුන්ටද එම නැටුම ගැන දැනගැනීමට ලැබී තිබෙන අතර ඊට "බදුලු නැටුම" යන නමකුත් පට බැඳ ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 August 2021 22:50

Related items