May 01, 2024

ඩයගම සුසාන භූමියට දැඩි පොලිස් ආරක්ෂාවක් (PHOTOS)

රිෂාඩ් බදියුදීන් මන්ත්‍ර්‍රීවරයාගේ නිවසේ මෙහෙකාරකමෙහි නිරතව සිටිය දී අබිරහස් ලෙස පිළිස්සී මියගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය මිහිදන් කර ඇති ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඩයගම වත්තේ පොදු සුසාන භූමියේ ඇයගේ සිරුර මිහිදන් කර ඇති අතර ඊයේ (26) දින සිට ඩයගම පොලීසිය මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව යි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස සුසාන භූමියේ ආරක්ෂාව තර කර ඇත්තේ දැරියගේ සිරුර ගොඩගෙන යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණය නියෝග කිරීමත් සමග යි.

මෘත දේහය ගොඩගැනීම අද (27) දිනයේ සිදු කිරීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 12:44