April 26, 2024

ඩෙංගු මාරයා යළි හිස ඔසවයි! දිස්ත්‍රික්ක 10ක් අධි අවදානමේ

ඩෙංගු රෝගය පැතිරී යා හැකි අධි අවදානමක් සහිත දිස්ත්‍රික්ක 10ක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, රත්තපුර, කෑගල්ල මහනුවර, කුරුණෑගල, කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක මෙලෙස ඩෙංගු රෝගය සඳහා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කරලා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය විසින් තමන් ජීවත්වන පරිසරය තුළින් ඩෙංගු මදුරුවන් බෝ වන බැවින් අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ වසරේ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 10,155 දෙනෙකු වාර්තා වන අතර එම පිරිසෙන් 2975 වැනි ඉහළ රෝගීන් ප්‍රමාණයක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තියෙනවා.

Rate this item
(0 votes)