March 28, 2024

කොරෝනා අස්සේ තවත් ලෙඩක් - දිස්ත්‍රික්ක 10කටත් පැතිරෙයි

රට පුරා මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු ‌රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා වන වැඩපිළිවෙල පවතින ගෝලීය ව්‍යසනය මධ්‍යයේ වුවද ක්‍රමවත්ව හා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ සෞඛ්‍ය අංශ බලධාරීන් වෙත මේ වන විට උපදෙස් ලබා දී තිබෙනවා.
 
මේ වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 21,154 ක් පමණ වාර්තා වී තිබෙනවා.
 
මෙම රෝගීන් අතරින් මරණ 10 ක් පමණ වාර්තා වී තිබෙනවා.
 
වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාත තුලින් වන අතර එය  68% වෙයි. ඊට අමතරව මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල වැනි දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.
 
නැවත පාසල් ආරම්භ කිරීමට සුදානම් වන අවස්ථාවේ විශේෂයෙන්ම පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙනවා ද යන්න පරික්ෂාවට ලක්කර එම පරීශ්‍ර පිරිසිදු කිරිමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කෙරෙනවා.

මේ අතර දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පවසනවා.

මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවත් උණ රෝගය වැළදුණ හොත් එය ඩෙංගු විය හැකි බව අනුමාන කර දින දෙකකට වඩා උණ තියේ නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවත් විශේෂඥ වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය සඳහන් කළා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 10:32