March 28, 2024

කොරෝනා මැද තවත් ලෙඩක් යළි හිස ඔසවන ලකුණු

February 17, 2022

ඩෙංගු රෝගයේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 60ක් අධි අවදානම් කලාප ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය නම් කර තිබෙනවා.

පෙබරවාරි 1 වනදා සිට 6 වන දා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 925 දෙනෙකු වාර්තා වී ඇති තිබෙනවා.

මේ අතර 7 වන දා සිට 13 වන දා දක්වා කාලය තුළ රෝගීන් 634 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

ඉන් සියයට 51ක් රෝගීන් බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. 

මේ අතර ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 1217ක් හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 631816ක් ලෙසයි.

මේ අතර ඊයේ (16) තවත් කොරෝනා මරණ 25ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15899ක් ලෙසටයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 February 2022 15:12