April 19, 2024

ඩෙංගු - කොවිඩ් එකට වැළැඳීමේ අවදානමක්! විශේෂඥයෝ අනතුරු අඟවයි

මාරාන්තික ඩෙංගු වෛරසය සමඟ ගෝලීය වසංගතයක්ව ඇති කොවිඩ්-19 වෛරසය එක් පුද්ගලයෙකු එක්වර වැළැඳීමේ හැකියාව පිළිබඳව පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබෙනවා.

මෙලෙස රෝග දෙකම එක් පුද්ගලයෙකුට වැළැඳුනහොත් එම රෝගී තත්ත්වයන් නිසා ඇතිවන සංකූලතා ඉහළ යා හැකි බවටයි වාර්තා වන්නේ.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසා සිටියේ ඩෙංගු වෛරසයේ කාණ්ඩ 04ම මේ වන විට පැතිරීම ආරම්භ වී ඇති බවයි. මේ නිසා ඩෙංගු රෝගීන් වාර්තා වීමද අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවටයි ඇය පෙන්වා දෙන්නේ.

විශේෂඥවරිය පෙන්වා දෙන්නේ ඩෙංගු වෛරසයේ දෙවන සහ තුන්වන ප්‍රභේදයන් මේ වන විටත් පැතිර යමින් ඇති බවට පර්යේෂණයක් මඟින් අනාවරණය කරගෙන ඇති බවයි. එමෙන්ම ඇය කියා සිටින්නේ උණ රෝගය වැළැඳුනහොත් දෙවන දිනය ඇතුළත අනිවාර්යෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි.

මෙලෙස රෝහල්ගත වීම ප්‍රමාද වුවහොත් ඩෙංගු රෝගය නිසා රෝගියාට ඇතිවිය හැකි දරුණු තත්ත්වයන් වළක්වාලීමට පවා නොහැකි බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 08:37