January 17, 2025

ඇස්තමේන්තු වරදී! නැවේ වන්දියෙන් මිලියන ගණනක් අහිමි වෙයි Featured

පසුගිය මැයි මාසයේ 20 වැනිදා හදිසි ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත් සිදුවෙමින් පවතින බව වාර්තා වන අතර එම නෞකාව පිළිබඳව තවත් කණගාටුදායක පුවතක් වාර්තා වෙනවා.

එම පුවත වන්නේ මෙරට සාගර කලාපයට සහ මුහුදු තීරයට නෞකාවේ අනතුරින් සිදුවූ හානිය සඳහා එම නෞකාව අයත් සමාගමෙන් ගෙවීමට තිබූ දැවැන්ත වන්දි මුදලක් මෙලෙස අහිමි වී තිබෙනවා‍ෙ

මෙම හානිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එම නෞකා සමාගමෙන් සහ එම නෞකාවේ රක්ෂණ නියෝජිත සමාගමෙන් ඉල්ලා ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් වන්දි මුදලක් ඉල්ලා තිබූ බව වාර්තා වෙනවා. එම මුදලෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් (රුපියල් මිලියන 3600ක්) අහිමි වී තිබෙනවා

මෙලෙස වන්දි මුදල අහිමි වීමට හේතුව වී තිබුණේ සිදුවූ විනාශය පිළිබඳව වියදම් ඇස්තමේන්තු ගත කිරීමේදී සිදු වූ අත්වැරැදීමක් බවයි සඳහන් වන්නේ.

Rate this item
(1 Vote)

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449