January 17, 2025

ගිනිගත් නැව හදලා තියෙන්නේ අර කට්ටියම තමයි : අපටත් දෙකක් දීලා

මුහුද මැද ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කුමන රටේ නිෂ්පාදනයක් දැයි කිවහොත් ඔබ පුදුම වනු ඇත.

ඒ එම අදාළ රට සමග මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන ආත්මීය බැඳීම නිසාය.

නැවේ පළමු සංචාරය

ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වූ මුහුදු හා නාවික නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය, නීතිඥ ඩෑන් මාලක ගුණසේකර මහතා විසින් පෙන්වා දෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව චීනයේ නිෂ්පාදිත නැවක් බවයි.

එම නැව මීට මාස තුනකට පෙර නිපදවා අදාල සමාගමට ලබා දීමෙන් පසු එම නැවේ පළමු සංචාරය ගිනි ගැනීමකට ලක් වූ මෙම සංචාරය බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙන්නේ.

නැව් තාක්ෂණය ඉතා ඉහළයි

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ චීනයේ නැව් නිපදවීමේ තාක්ෂණය ඉතා ඉහළ බවත් ශ්‍රී ලංකා නැව් සංස්ථාව සතුවද චීනය නිපද වූ නැව් දෙකක් තිබෙන බවයි.

එනිසා මෙම නැව ගිල්වා දැමීමේ අවශ්‍යතාවය පිට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ගෙන ආ බවට කරන චෝදනාව පදනමක් නැති එකක් බවයි ආචාර්ය ගුණසේකර පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 June 2021 12:09

Related items

© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449