May 05, 2024

ගිනි ගත්ත එක්ස්ප්‍රස් - පර්ල් නැවේ ප්ලාස්ටික් 60%ක් අතුරුදහන්! Featured

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමකට ලක්ව විනාශ වූ එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් ප්‍රමණයෙන් වෙරළට ගොඩ ගසා ඇත්තේ 40%ක ප්‍රමාණයක් පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

ඉතිරි 60%ක ප්‍රමාණයට සිදු වූ දේ පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබී ඇති බවද අමාත්‍යරයා සඳහන් කර සිටිය

ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් - පර්ල් නෞකාවේ තිබූ භාණ්ඩ පිළිබඳව ලැයිස්තුවක් තමන් සතුව ඇති බවත්, එහි විවිධ භාණ්ඩ 190ක ප්‍රමාණයක් ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා. ඔහු එහිදී සඳහන් කළේ ඉන් බහුතරයක් ප්ලාස්ටික් ද්‍රව්‍ය බවයි.

දැනට වෙරළට ගොඩ ගසා ඇති ප්ලාස්ටික් ද්‍රව්‍ය බාහලුම් 44ක දමා වත්ත ප්‍රදේශයේ අංගනයක තබා ඇති බවට පරිසර අමාත්‍යවරයා සඳහන් කර සිටියා. මධ්‍යම පරිසර අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව එම බාහලුම් තුළ ප්ලාස්ටික් ටොන් 1034ක් පවතින බවයි සඳහන් වෙන්නේ.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ අතුරුදහන්ව ඇති 60%ක් පමණ වන ප්ලාස්ටි ප්‍රමාණයට සිදුවූ දෙ පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවයි. එම ප්ලාස්ටික් ප්‍රමාණය බොහෝ විට දියරැළි හේතුවෙන් වෙනත් ප්‍රදේශයකට ගසාගෙන ගොස් හෝ නැව ගිනි ගැනීමේ දී විනාශ වී හෝ නැත්නම් මාළු විසින් ආහාර ගැනීම වැනි දෙයක් සිදුවන්නට ඇති බවයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවමත් පරික්ෂණ ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (29) දිනයේ දී මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන වැඩසටහනකට එක්වෙමිනි.

මෙම නෞකාවෙන් ගොඩ ගැසූ ප්ලාස්ටික් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයට මෙන්ම සාගර ජීවින්ට දැඩි බලපෑමක් ද සිදුවුණා.

Rate this item
(0 votes)

Related items