May 05, 2024

එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවන්න ආ ඉන්දීය නෞකාවන්ට ආචාරය පුද කරයි

පසුගිය මැයි මස 20 වැනිදා ලෝකයේ ම දැඩි අවධානයකට ලක් වෙමින් ශ්‍රී ලංකා සාගර කලාපයේ දී ගිනිගත්  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීම සඳහා සහායට පැමිණි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ නෞකාවලට ඊයේ (10) දිනයේ දී ආචාරය පුද කිරීමේ උත්සවයක් කොළඹ වරායේ දී පවත්වා තිබුණි.

එම අවස්ථාවට ඉන්දීය - ශ්‍රී ලංකා මහ කොමසාරිස් එච්.ඊ ගෝපාල් බග්ලේ මහතාද, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාද සහභාගී වී තිබුණා.

මෙහිදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයාගේ ඉල්ලීමක් මත මෙරටට පැමිණි ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘වෙබාව්’ සහ ‘වජ්රා’ නෞකා දෙකත් පරිසර හානි වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවෙන් යුත් ‘සමුද්‍ර ප්‍රහාරී’ නෞකාවන් සඳහා මෙහිදී ආචාරය පුද කර සිටියා.

එමෙන් මෙම නෞකාවන් දැක්වූ සේවය වෙනුවෙන් සේවය ඇගයීමේ ලිපිද ශ්‍රී ලංකා නාවිකා හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් එම නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කරා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)

Related items