May 04, 2024

විස්වාසභංගය මගහැරි පිරිස 11යි - නම් ටික එළියට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය වුණා.

සමගි ජන බලවේගය ගෙන ආ මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 61 හා විරුද්ධව ඡන්ද 152 ලැබුණා.

ඡන්දය දුන් ගාන 213 යි

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව 213 ක්.

කතානායකවරයා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු ඡන්දෙ දීමෙන් වැළකී සිටි තිබෙනවා.

මේ පිරිස කවුරුන්දැයි දැන් හෙළිදරව් වී තිබෙන්නේ.

ඡන්දය නොදුන් පිරිස 11යි

මෙම එකොළොස් දෙනා අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 3ක් හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8ක් ඉන්නවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ , කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක යන මහත්තුරුන් පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අතරින් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුව සමඟ මත ගැටුමක නිරතව සිටින අතර ඔහු වරාය නගර පනත් කෙටුම් පතට ඡන්දය දීමෙන්ද වැළකී සිටියා.

චමල් රාජපක්ෂ අමාත්‍යවරයා නිරෝධායනයට ලක්වූ සිටීම හේතුවෙන් ඡන්දය දීමට නොපැමිණි බවයි බවයි වාර්තා වන්නේ.

වැඩිම පිරිස දුරකථනයෙන්

සමගි ජන බලවේගය පාර්ශවයෙන් සෘජුවම සමගි ජන බලවේගය නියෝජනය කරන හරින් ප්‍රනාන්දු , කුමාර වෙල්ගම , චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මන්ත්‍රීවරුන් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මේ අතරින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා  විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමත් ප්‍රතික්ෂේප කළ කෙනෙක්.

චමින්ද විජේසිරි හා හේශා විතානගේ යන මන්ත්‍රීවරුන් අද (20) උදය වරුවේ පාර්ලිමේන්තු සභා ගැබේ සිටියද ඡන්ද විමසන අවස්ථාවේ සහභාගි වී සිටියේ නැහැ.

මුස්ලිම් කොංග්‍රසයේ 4 දෙනා

ඡන්දය දීමෙන් වැලකී සිටි සමගි ජන බලවේගය ඉතිරි 4 දෙනා රවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වනවා.

ඔවුන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයඳි සමගි ජන බලවේගය ගත් ස්ථාවරයට විරුද්ධව යමින් ආණ්ඩුවත් සමග ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 4 දෙනාම වීමත් විශේෂත්වයක්.

සමගි ජන බලවේගය නියෝජනය කරන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවත් සමග ඡන්දය දුන් රිෂාඩ් බදුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 3 දෙනා මෙවරත් ආණ්ඩුව සමඟ විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නා.

ඒ හැරුණු කොට 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවත් සමග ඡන්දය දුන් සමගි ජන බලවේගය නියෝජනය කළ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ අරවින්ද් කුමාර් මහතා හා ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ඩයනා ගමගේ මහත්මිය මෙවරත් ආණ්ඩුව සමග විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 21 July 2021 06:27

Related items