May 17, 2024

ලංකාව දෙසට ආ යුද සබ්මැරීනයක් ගැන ඉන්දියානු මහා කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශයක්! Featured

ශ්‍රී ලංකාවට ආසන්නයේ ඇති ඉන්දියාවේ තුත්තුකුඩි ප්‍රදේශයට ඉන්දියාවට අයත් ප්‍රබල යුද සබ්මැරීනයක් පැමිණ ඇති බවත් එය ස්ථීවරම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති බවටත් වන පුවතක් ඊයේ (19) දිනයේ දී ඉන්දියානු මෙන්ම මෙරට මාධ්‍යයද වාර්තා කර තිබුණා.

ඉන්දියානු - ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පළවන වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා සිටියේ "ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් ඉන්දියාවේ තූත්තුකුඩි හි ස්ථීර ලෙස යොදවා ඇතැයි පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් වන වාර්තා අප දුටුවා. මෙම සමපේක්ෂාත්මක මාධ්‍ය වාර්තා සිදුව ඇතැයි කියන සබ්මැරීන යෙදවීම සඳහා යම් යම් හේතූන් ද දක්වා තිබෙනවා. මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය නාවික හමුදාවට අයත් කාර්යයන් ඇතුළු එවැනි මෙහෙයුම් කටයුතු  පිළිබඳව අදහස් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත්, ඉන්දියාව විසින් සබ්මැරීන හෝ වෙනත් ජාතික සම්පත් යෙදවීම පිළිබඳ තීරණ අදාළ නිලධාරීන් විසින් මෙහෙයුම් අවශ්‍යතා වැනි විවිධ කාරණා සලකා බලමින් ඉන්දියාව සහ එහි අභිලාෂයන් ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව ගනු ලබනවා" යනුවෙනි.

Rate this item
(3 votes)