May 04, 2024

පාර්ලිමේන්තුවේ කොරෝනා බියක් - කොටසක් වසා දමයි

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ තත්ත්වය නිසා මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් මුලුතැන්ගෙය අද දින නැවතත් විවෘත කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීමද සිදු නොකෙරුණු බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයන් පස් දෙනකුට පමණ පසුගිය දිනවල කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ආසාදිත සේවකයකු හමුවී ඇතත් මේවනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණවලට අද යොමු කරවන බව පැවසූ වේත්‍රධාරිවරයා කැමතිනම් පමණක් මන්ත්‍රීවරුන්ට ඒ සඳහා යොමු විය හැකි බවද ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතය.

Rate this item
(0 votes)