May 02, 2024

එජාප ප්‍රබලයා සමගි ජන බලවේගයත් එක්ක සටනට පිවිසෙයි Featured

පසුගිය යහපාන ආණ්ඩුව සමයේ දී කුලියාපිටිය රෝහලට ලබාදී තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහලට රැගෙන යෑමට විරෝධය පාමින් ඊයේ (18) දිනයේ දී ආගමික නායකයින්, විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් කුලියාපිටිය නගර මධ්‍යයේ විරෝධතා රැලියක් පවත්වා තිබුණා.

මෙම මහාචාර්ය ඒකකය කුලියාපිටිය රෝහලට ගෙන ඒමට කටයුතු කළ සහ 2019 වසරේ දී එය ඉදි කිරීම සඳහා මුල්ගල තැබූ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද මෙම උද්ඝෝෂණය වෙත සම්බන්ධ වී සිටිමද විශේෂත්වයක් වුණා.

එහිදී අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ මෙම මහාචාර්ය ඒකකය කුලියාපිටිය  රෝහලේ ඉදි කිරීම සඳහා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රුපියල් බිලියන 17ක මුදලක් වෙන කරගත් බවයි.

 එමෙන්ම මෙම ඒකකය සඳහා ඉදි කිරීමට යෝජිතව තිබූ මහල් 09කින් සහ 15කින් යුතු ගොඩනැගිලි ඉදි කිරීමට භූමි පරික්ෂාවක් සඳහා රුපියල් ලක්ෂ 40ක් ද වියදම් කළ බවද හිටපු අමාත්‍යවරයා පවසා සිටියා.

මෙම විරෝධතාවය සඳහා පැමිණි සිට සියලු දෙනා අවධාරණය කර සිටියේ මෙම මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහල වෙත ගෙන නොගොස් එය කුලියාපිටිය රෝහලේම ඉදි කරන ලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 19 July 2021 00:07