May 19, 2024

කඩවත - මීරිගම අධිවේගයේ වැඩ ගැන ඇමැති ජොන්ස්ටන්ගෙන් නියෝගයක්

කඩවත සිට මීරිගම දක්වා වු කොටසෙහි වැඩ කඩිනම් කරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නියෝග කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටසේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂන චාරිකාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ඊයේ (13) සිදුකර තිබුණා.

මෙහිදී නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා පැවසූවේ,

"සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම කඩවත සිට මීරිගම දක්වා වු මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කිරිමටයි බලාපොරොත්තු වනවා. එම නිසා නියමිත දිනට වැඩ අවසන් කිරිම සදහා දැන් සිටම සැලසුම් අනුව වැඩ කරන්න. වැඩ ප්‍රමාදයක් පවතිනවා නම් දිවා රාත්‍රි වැඩ කර නියමිත දිනට වැඩ අවසන් කිරිමට සැලසුම් සකස් කරන ලෙසද නැත්නම් අවසන් කාලය වන විට සැලසුම අනුව වැඩ නිම කිරිමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකියි."

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසියම් හෝ ගැටළුවක් පවතී නම් එම ගැටළු හැකි ඉක්මනින් නිරාකරණය කර දීම සදහා තමන් මැදිහත් වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මොනයම් හෝ ගැටළුවක් පවතී නම් කඩිනමින් අමාත්‍යාංශ ලේකම්තුමා දැනුවත් කර ලෙසය.

Rate this item
(0 votes)

Related items