May 04, 2024

මන්ත්‍රී හමුවෙන්න ජනතාවට අවස්ථාවක්! මැතිසබේ කාමර හතක් සූදානම් Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීම සඳහා මෙයට පෙර තිබූ අවස්ථාව යළි ලබාදීමට අවධානය යොමු වී තිබෙනවා.

සභානායක කාර්යාලය පවසන්නේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු සාකච්ඡා කිරීමේ අවස්ථාව කොරෝනා වසංගතය ආරම්භවීමත් සමඟම සම්පූර්ණයෙන්ම ඇණ හිටි බවයි.

මෙහි පළමු පියවර යටතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමර දහයක් මේ සඳහා වෙන් කිරීමට සාකච්ඡා වී තිබෙනවා.

එහෙත් මේ අවස්ථාවේදී ඊට වෙන් කළ හැක්කේ කාමර හතක් පමණක් බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දී ඇතැයි සභානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

කොරෝනා තත්වය පාලනයවී මහජනතාවට පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසීමේ අවස්ථාව උදා වූ පසු මන්ත්‍රීවරුන්ගේ මහජන හමුවීම් කාමර මහජනතාව සඳහා විවෘත කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවා.

Rate this item
(1 Vote)

Related items