May 10, 2024

කතානායක තීරණ ගන්න ඇමැති ජොනීගේ සංඥා ක්‍රමය එලියට

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පොත වැඩක් නැති බව සමගි ජන බලවේගය මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කතානායකවරයා අමතා සඳහන් කළේ ඊට හේතුවද දක්වමින්.

ඔලුවෙන් දෙන සංඥාව

විපක්ෂය ස්ථාවර නියෝග යටතේ යම් කාරණයක් මතු කළ විට කතානායකවරයා බලන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ මූණ බව සදහන් කරන මන්ත්‍රීවරයා ඔහු ඔලුව වනන ආකාරයට ඊට අනුමැතිය ලැබීම හෝ නොලැබීම සිදුවන බව පෙන්වාදුන්නේ විපක්ෂයේ සිනාහඬ මැදය.

මේ ගැන බොහෝ කලක් තමන් බලන් සිටි බවත් එය සභාවේ රූප රාමු වලින් තහවුරු කරගත හැකි බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හා , බෑ කියන ඉරියව්ව රඟදක්වමින්.

මෙහෙම කලොත් බඩු නැහැ

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙහෙම කරොත් හා මෙහෙම කරොත් බඩු නැහැ කියන මන්ත්‍රීවරයා කතානායකවරයා වැඩ කරන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට ඕනෑ විදිහට බවටයි චෝදනා කරන්නේ.

එය වැරදි කටයුත්තක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කථානායකවරයාගේ හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාගේ පුටු දෙක මාරු කරන ලෙසද ඉල්ලීමක් කළා.

කතානායකවරයාට පචයා කිව්වේ මෙයා

එල්ල වූ චෝදනාවට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කළේ කතානායකවරයා බොහෝ විට ආණ්ඩු පාර්ශවයටත් වඩා විපක්ෂයට අවස්ථාව ලබා දෙන බවත් ඔබ කථානායක ධුරයට පත් කළ දවසේ සිට මේ දක්වා කිසිම සංඥාවක් තමා දී නොමැති බවත් එහෙත් එසේ සංඥා දීපු කාලයක් පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ තිබූ බවත්ය.

ඉන් නොනැවතුණු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කරූ ජයසූරිය මහතා කතානායකවරයා හැටියට වැඩ කලේ කොහොමදැයි දන්නා බව සඳහන් කරමින් පෙරේදා (7) කතානායකවරයාට පචයා කියා කිව්වෙ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා බවද මතක් කර දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Friday, 09 July 2021 12:01

Related items