May 04, 2024

බැසිල් නිසා අද මැතිසබයේ පුටු මාරුවක් - ප්‍රබල ඇමති තැන වෙනස් කරයි

බැසිල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන මුදල් කැබිනට් අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බව වාර්තා වෙනවා.

එමෙන්ම ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට සූදානම් බව යි පැවසෙන්නේ.

මේ අතර පාර්ලිිමේන්තුව තුළ බැසිල් රාජපක්ෂ මහතා අසුන් ගන්නා ආසනය තීරණය වී තිබෙනවා.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වෙන් කොට ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 09 වැනි අසුනෙහි අසුන් ගන්නා බව සඳහන්.

එය පිහිටා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අසුනට යාබදව යි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාට වෙන් කොට ඇති ආසනයේ අනෙක්පස ඇත්තේ ජනාධිපතිවරයාගේ අසුන යි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට පෙර බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීම හේතු කොට ගෙන ඔහුට මෙලෙස ඉදිරි පෙළ අසුනක් වෙන් කොට ඇති බව යි වේත්‍රධාරීවරයා පවසා සිටියේ.

මේ අතර මෙම අසුන් පැනවීමත් සමග ඉදිරිපෙළ අසුන්ගෙන සිටි අමාත්‍යවරයෙකුට පසුපෙළක අසුන් ගැනීමට සිදුවනු ඇති බව ද පුවත් වාර්තා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 09:33