May 02, 2024

අසේල සම්පත්ව සුදු වෑන් එකකින් පැහැර ගනී (VIDEO)

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ව නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වෙනවා.

අසේල සම්පත්ගේ දියණිය විසින් ඔහුගේ ෆේස්බුක් ගිනුම් සජිවි විකාශයක් ලබාදෙමින් පවසා තිබුණේ සි.අයි.ඩී යැයි පවසමින් පැමිනි විස්සකට ආසන්න පිරිසක් විසින් සිය පියාව බලහත්කාරයෙන් රැගෙන ගිය බවයි.

එහිදී දියණිය විසින් සඳහන් කර සිටියේ NE 0833 දරන වාහනයෙන් සිය නිවසට පැමිණි පිරිසක් විසින් පියාට පහර දි රැගෙන ගිය බවයි. ඔවුන් පිළිබඳව වෙනත් කිසිදු විස්තරයක් සඳහන් නොකළ බවද අසේල සම්පත්ගේ දියණිය විසින් සජීවි විකාශ තුළදී සඳහන් කර සිටියා.

එම පිරිස විසින් කිසිදු ආකාරය වරෙන්තුවක් හෝ හැඳුනුම්පතක්වත් ඉදිරිපත් නොකර සිටි බවද දියණිය විසින් පවසා තිබුණා.

ඇය පළ කර සම්පුර්ණ අදහස පහතින්,

අසේල සම්පත්ගේ දියණිය විසින් ෆේස්බුක් හී තබා තිබූ සටහන,

Rate this item
(0 votes)
Last modified on Friday, 25 June 2021 22:36