May 21, 2024

ඉන්දියාවෙන් තර්ජනයක් - භයානක ප්‍රෙඩේටර් යානා පෙළක් ලංකාව වටා

ශ්‍රී ලංකාව ආසන්නයේ ඇතුළු ඉන්දියානු සාගර කලාපය පුරා සිය නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට කටයුතු කරන බව ඉන්දීය නාවික හමුදාව පවසනවා.

මේ සඳහා ‌ප්‍රෙඩේටර් (predator) වර්ගයේ ඩ්‍රෝන යානා යොදාගන්නා බවයි ඔවුන් පවසන්නේ.

කලාපයේ චීන ක්‍රියාකාරකම් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් බවත් ඒ නිසා මෙලෙස නිරීක්ෂණ කටයුතු වැඩි කිරීමට කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙම ඩ්‍රෝන යානා ඉන්දීය වෙරළාරක්ෂක බළකායටද උපකාරීවනු ඇති බව එරට නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

ඉන්දීය නාවික හමුදාවේ උප ප්‍රධානී වයිස් අද්මිරාල් ජී. අශෝක් කුමාර් මහතා පවසන්නේ විශේෂයෙන්ම සාගර කලාපයේ සැරිසරන යාත්‍රා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානා යොදාගන්නා බව යි.

මේ අතර ඉන්දියාව විසින් මෙම කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ​ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව පැවසෙනවා.

එක්සත් ජනපදයේ සැන් ඩියේගෝ පරමාණුක ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන MQ-9B ​ප්‍රෙඩේටර් ඩ්‍රෝන යානයකට පැය 48ක පමණ කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි බවත් කිලෝග්‍රෑම් 1700ක බරක් රැගෙන යා හැකි බවත් සඳහන්.

වඩාත් බරපතළ කාරණාව වන්නේ මෙම වර්ගයේ යානාවලට මිසයිල ඇතුළු භයානක ආයුධ රැගෙන යාමටත්, අහසේ සිට ඉලක්ක කොට පහර දීමටත් හැකියාව තිබීම යි.

මේ අතර මෙරට ධීවරයන් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී ඉන්දීය ධීවරයන් පිරිසක් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් ද පසුගිය දා වාර්තා වූවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 June 2021 17:09