May 10, 2024

මේ වසර අවසානයේ මාර්ග කිලෝමීටර් 25,000ක් සංවර්ධනයට

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරිමේ වැඩසටහන යටතේ 2021 වසරේ දෙවන කාර්තුව වන විට මාර්ග 12,336ක මාර්ග කිලෝමීටර් 17,311.27ක ප්‍රමාණයක වැඩ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ වර්ෂය අවසාන වන විට මාර්ග කිලෝමීටර් 25,000ක් සංවර්ධනය කර ජනතාව වෙත ලබා දීම තම අමාත්‍යාංශයේ ඉලක්කය බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

මේ තුලින් ගම් දනව් වල පවතින ගමනාගමනයට අපහසු කුඩා මාර්ග කාපට් කිරීම මෙන්ම ප්‍රධාන මාර්ග පද්ධතියේ ඇති මාර්ගද සංවර්ධනය කොට අධිවේගී මාර්ග වලට තදබදයකින් තොරව ඇතුල් විය හැකි මාර්ග, ප්‍රධාන නගර වලට ලගාවීමට ඇති විකල්ප මාර්ග මෙම කිලෝමීටර් 100,000 මාර්ග ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙනවා.

මෙසේ සංවර්ධනය කරන මාර්ග වල ඉදිකිරිම් පරිසරය රැකෙන පරිදි සිදු කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කරනවා.

මේ යටතේ සංවර්ධනය කරනු ලබන මාර්ග වැඩි ප්‍රතිලාභ හිමිවන අයුරින් සහ කල්පැවැත්ම කෙරෙහි වැඩි අවදානය යොමු කරමින් තත්ත්ව පරීක්ෂණ ක්‍රමවේදයන්ට අනුව සංවර්ධනය කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් 2024 වර්ෂය අවසන් වන විට රටපුරා විහිදී ඇති අබලන් ග්‍රාමීය මාර්ග හා විකල්ප මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරිමට සැලසුම් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසනවා.

Rate this item
(0 votes)

Related items