May 10, 2024

අනූදහසක කොවිඩ් එන්නත් උස්සලා - ලොකු දොස්තර පොලීසියට

කොවිඩ් මර්ධන එන්නත් සොරකමක් පිළිබඳව හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 30ක් මෙලෙස සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.

එම එන්නත්වල වටිනාකම රුපියල් 90,000ක් බව සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ඊයේ (16) හබරාදූව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර තිබෙනවා.

පොලිස් විමර්ශන ආරම්භ වී ඇත්තේ ඒ අනුවයි.

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්තව සේවය කරන රියදුරෙකු සහ සුළු සේවකයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවට යි චෝදනා එල්ල වන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 June 2021 08:38