April 28, 2024

ජාවත්තේ පාළු ළිඳට එබුණු ගොපල්ලෙකු දුටු දෙයින් බියපත් වෙයි

ජාවත්ත, කිරිමැටියාවත්ත ප‍්‍රදේශයේ පාළු ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පෙරේදා (13) දින මෙම සිරුර සොයාගෙන ඇත්තේ උතුරු කළුතර පොලිසිය මගින්.

පෙකනිවැල ද සිරුරට සම්බන්ධව තිබියදීම ළිඳට දමා තිබූ මෙම බිළිඳා දිනක් වයසැති බව පැවසෙනවා.

අදාළ ළිඳ තිබූ පෙදෙසේ ගවයන් ගැටගැසීමට ගිය පුද්ගලයෙකු, ඒ අවටින් හැමූ දුගඳක් නිසා ප්‍රදේශය පරීක්ෂා කර බලා තිබෙනවා.

අවසානයේ ළිඳට එබී බැලූ ඔහු දැක ඇත්තේ බිළිඳු සිරුරක්.

දුටු දෙයින් මහත් බියට පත් වී ඇති ඔහු වහාම මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇති අතර පොලීසිය එහි පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

සිරුර නරක් වී ඇති ආකාරය අනුව මෙම බිළිඳා මීට දින දෙකකට පමණ පෙර ළිඳ තුළට දමන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

Rate this item
(0 votes)