April 30, 2024

සුප්‍රසිද්ධ නිළියකගේ දියණියකට කැත වැඩක් කළ තිදෙනෙකු පොලිස් දැළේ (PHOTOS)

කාන්තාවකගේ කොණ්ඩය කපා දැමූ කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මෙරට සුප්‍රසිද්ධ ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය නිළයකගේ දියණියක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඇය පානදුර, ගොරකාන ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන බව සඳහන්.

පෙරේදා (13) රාත්‍රියේ ඇය සිය රූපලාවන්‍යාගාරයේ සිටින අතරතුර කාන්තාවන් තිදෙනෙකු එහි කඩා වැදී ඇති අතර ඔවුන් තිදෙනා ඇයට පහර දී ඇගේ කොණ්ඩය කපා දමා තිබෙනවා.

පසුව අදාළ රූපලාවන්‍ය ශිල්පිණිය පොලීසියට විත් පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව ඇයට පහර දී කොණ්ඩය කපා දැමූ කාන්තාවන් තිදෙනා ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

කපන ලද කොණ්ඩයත්, එම අවස්ථාවේ හැඳ සිටි ඉරීගිය ගවුමත්, කොණ්ඩය කපා දැමීමට භාවිත වූ කතුරු ද රැගෙන ඇය පොලිසියට පැමිණි බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචි 41, 30 සහ 17 හැවිරිදි කාන්තාවන් තිදෙනෙක්.

මොවුන් තිදෙනා එකම පවුලේ මව, දියණිය සහ නෑනා බව ද පොලීසය සඳහන් කළා.

කෙසේ වෙතත් පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ අදාළ රූපලාවන්‍ය ශිල්පිණියගේ අනියම් සබඳතාවක් හේතුවෙන් ඇති වූ කතාබහක් මුල්කරගනිමින් මෙය සිදුවී ඇති බවට යි.

රූපලාවන්‍ය ශිල්පිණිය එගොඩ උයන ප්‍රදේශයේ පුද්ගලයෙකු සමග අනියම් ඇසුරක් පවත්වන බවත්, එම අනියම් සැමියාගේ නීත්‍යානුකූල බිරිඳ, දරුවා සහ ඥාතියෙකු පැමිණ මෙලෙස පහර දී කොණ්ඩය කපා දමා ඇති බවත් සඳහන්.

සිද්ධියෙන් අදාළ රූපලාවන්‍ය ශිල්පිණියගේ කොණ්ඩයෙන් අඩියක පමණ ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා.

කාන්තාවන් තිදෙනා ඇයට පහර දී කොණ්ඩය කපා දමමින් සිටින අවස්ථාවේ දී රූපලාවන්‍ය ශිල්පිණියගේ නීත්‍යාණුකූල සැමියා සහ පුතුන් දෙදෙනා එහි පැමිණ ඇය බේරාගත් බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන්ව දින 14 ක් නිවෙස් නිරෝධායනයට ලක් කරන ලෙසයි අධිකරණයෙන් උපදෙස් ලැබී ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 11:03