April 27, 2024

GSP+ සහනයත් ලංකාවට අහිමි වෙයි? හර්ෂගෙන් ප්‍රකාශයක් (VIDEO)

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අහිමි කරපු GSP+ සහනය 2017 දී ආපසු ලබා ගැනීම සඳහා තමා පුද්ගලිකවම විශාල වෙහෙස මහන්සියක් ගත් බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අහිමි කරපු GSP+ සහනය 2017 දී ආපසු ගන්න පුද්ගලිකවම විශාල වෙහෙස මහන්සියක් ගත්ත කෙනෙක් මම. ඒ මේ සහනයේ වටිනාකම දන්න නිසා. මේ සහනය නිසා අපේ අපනයන වලට විශාල අවස්ථාවක් ලැබෙනවා. මේ රට ආර්ථික ප්‍රශ්න ගණනාවකට ඇදල දාල තියන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය නිසා ආයෙත් අපිට GSP+ සහනය අහිමිවෙන තත්ත්වයක් උදාවෙලා."

"දිනෙන් දිනම රට මිලිටරිකරණය වෙමින් තිබීම, පුද්ගලික නිදහස සහ භාෂණයේ නිදහසට දිනෙන් දිනම සීමා වැටෙමින් තිබීම, ඕනෑම කෙනෙකු මර්දනය කළ හැකි පරිදි අති විශාල බලයක් ආණ්ඩුව විසින් ගොඩනගා ගැනීම, මානව අයිතිවාසිකම් තර්ජනයට ලක් වෙමින්  තිබීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු ගුණාංග ශ්‍රී ලංකාව තුළ දිනෙන් දිනම පිරිහෙමින් තිබීමට වි⁣රෝධය පළකරමින් GSP+  සහනය ලංකාවට දෙන එක තාවකාලිකව  අත්හිටුවන්න කියලා ඊයේ යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරගත්තා. මෙහෙම වුණොත් ඒක ලංකාවට දැනෙන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්න වගේ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකළාපය ගැන යුරෝපා පාර්ලිමේන්තුවට විතරක් නෙවෙයි, අපේ රටේ ජනතාවටත් කොච්චර විවේචන තියනවද? අන්තිමට මේ වගේ ප්‍රශ්න වලින් අපේ රටේ ජනතාව තමයි දිනෙන් දිනම බැට කන්නේ."

Rate this item
(0 votes)
Last modified on Monday, 14 June 2021 19:38

Related items