April 27, 2024

යන හා එන මහ බැංකු අධිපතිවරු ගැන හර්ෂ හෙළි කරන රහස

September 14, 2021

අද (14) මහ බැංකු අධිපති ධූරයෙන් සමුගන්නා මහාචාර්ය ලක්ෂ්මන් මහතා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ආචාර්ය හර්ෂ ද සිල්වා කරනු ලැබුවා.

ඒ දෙරණ රූපවාහිනියේ වැඩ සටහනකට එක්වෙමින්.

සෞභාග්‍යය දැක්මේ දායකත්වය

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ "සෞභාග්‍ය දැක්ම"ජනපතිවරණ මැතිවරණ ප්‍රකාශනයේ ආර්ථිකය පිළිබඳ කොටස ලියා තිබෙන්නේ මහාචාර්ය ලක්ෂ්මන් බවයි සමගි ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරන්නේ.

ජනපතිවරයාගේ ආර්ථික දැක්ම ලිව්වද මහාචාර්ය ලක්ෂ්මන් මහ බැංකු අධිපති ධූරයට සුදුස්සකු ලෙස තමන් පිළිගන්නා බවත් එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළා.

මහාචාර්ය ලක්ෂමන් දරන ප්‍රතිපත්ති සමග එකග නොවුනත් ඔහුට පෞද්ගලික ප්‍රතිපත්තියක් දැරීමට අයිතියක් තිබෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

නව මහ බැංකු අධිපතිවරයා

එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එම පත් කිරීම දේශපාලන පත්වීමක් බව සඳහන් කරමින්.

ඒ කබ්රාල් මහතා මහජන ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තුවක රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ දේශපාලඥයෙකු වීම බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ හරහා සිදු වන්නේ මහ බැංකුවද සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වන බවටයි චෝදනා කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 12:30

Related items