May 03, 2024

පාසල් විවෘත කිරීමේ දිනය ගැන ඇමැති ජී.එල් දෙගිඩියාවෙන්

පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් මේ මොහොතේ පැවසීම අපහසු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

මේ වනවිට සෞඛ්‍ය අංශ මඟින් කොරෝනා මැඩපැවැවීමේ කටයුතු නොකඩවා සිදුකරමින් පවතින බැවින් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කිරීමට රජය අපේක්ෂාවෙන් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (07) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වනවිට පාසල් දරුවන් නිවෙස්වල ම රැඳී සිටීම හේතුවෙන් කිසියම් ආතතියකට පත්ව සිටින අතර තම සම වයසේ දරුවන් සමඟ සමාජානුයෝජනය සිදු නොවීම නිසා පාසල් ඉක්මනින් විවෘත කිරීමේ අවශ්‍යතාව රජයට දැනී තිබුණ ත් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම මූලික ම කරුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන් ම දූරස්ථ අධ්‍යාපය මාර්ග ගත ක්‍රම හරහා දැනට සිදු කෙරීගෙන යාමේ දී මතුවන ගැටලු විසඳීම සඳහා ජාතික රූපවාහිනී ආයතනය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items