May 02, 2024

පළාත් හෝ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට සූදානම්! රජය තීන්දු ගන්න හැටි ඇමැති ජීඑල් පීරිස් කියයි

රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නය කොවිඩ් වංසගත තත්වය බවත් අවශ්‍ය වුවහොත් දිස්ත්‍රික්ක හෝ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කිසිම ක්‍රියාමාර්ගයක් සමමුලින්ම ප්‍රතික්ෂේප කර නොමැති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා කොරෝනා වසංගතය පාලනයට අවශ්‍ය සියලුම පියවර සිතා බලා කටයුතු කිරීමට රජය සූදානම් බවත් එහිදී සොයා බැලිය යුතු සාධක රාශියක් තිබෙන බවත් ජනතාවගේ ජීවනෝපාය ඇතුළු සියලුම සාධක සැලකිල්ලට ගෙන අවස්ථානෝචිතව අවශ්‍ය තීරණ ගැනීමට සූදානම් බවත් කියා සිටියේය. 

සංචරණ සීමා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට, පළාතෙන් පළාතට අවශ්‍ය පරිදි පනවා ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් බවත් රජයේ ප්‍රායෝගික නම්‍යශීලි ප්‍රතිපත්තියක සිට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)