May 02, 2024

මාස 10 අපතේ ගියා. අවාසිය රටේ ජනතාවට - ඇමති ජී එල් කියයි

September 08, 2020

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා 07ක අඛණ්ඩ පැවැත්ම සහතික කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෙර පැවති ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් මගින් රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පුද්ගලයින් තෝරා පත්කර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

19වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අත්වූ අවාසි පිළිබඳ ව ඇමතිවරයා පැවසුවේ, “රට කෙතරම් අරාජික වුණත්, පාර්ලිමේන්තුව අවුරුදු හතර හමාරක් ගතවන තුරු, තුනෙන් දෙකක බලයක් නැති නම් පාර්ලිමේන්තුව විසුරුවන්නට බැහැ. එහි ප්‍රතිඵලය තමයි ආණ්ඩුවක් නැති රටක්, ජනපති පත්වුණේ පසුගිය නොවැම්බර් මාසයේ, 19 නොතිබුණානම් එතුමා වහාම කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක, ඒ නිසා මාස 10 අපතේ ගියා. අවාසිය රටේ ජනතාවට,“ යනුවෙනි.

"සමහර අය කියනවා 20 වන සංශෝධනය නිසා කොමිෂන් සභා අහෝසි වෙලා කියනවා, සම්පූර්ණ පට්ටපල් බොරුවක්, කොමිෂන් සභා 07ක් පැවැත්ම සහතික කරලා තියෙනවා 20 වන සංශෝධනය හරහා, එහෙත් මේ කොමිෂන් සභා 07 ස්ථාපිත කිරීම පිළිබඳ වෙනසක් ඇති වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක්, එම කවුන්සිලයේ යෝජනා හා අදහස් ජනාධිපතිවරයා අනිවාර්යයෙන් විමසිය යුතුයි. අත්තනෝමතික ලෙස පත්කරන්න බැහැ, ජනාධිපතිවරයාට ඒ බලතල ලබා දීම සුදුසුයි“ යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) කොළඹ පැවති මධ්‍ය හමුවකට එක්වෙමිනි.

Rate this item
(0 votes)

Related items