May 10, 2024

සරත් වීරසේකර බලකාය කුඹුරු වැඩට - මහින්දානන්ද අලුත්ගමගේ (VIDEO)

රසායනික පොහොරවල සිට කාබනික පොහොරවලට මාරුවීමේදී කිසිදු පොහොර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහතික වනවා.

අස්වැන්නේ යම් අඩුවක් වුනොත් ගොවියාට ඒ සඳහා වන්දිය ගෙවීමට ආණ්ඩුව සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන් පාඩුවක් සිදු නොවන බවද පෙන්වා දෙමින්.

ගොවියාට වන්දි ගෙව්වාට පාඩු නැහැ

ඉදිරි අනාගතය දෙස බලද්දී ඒ වන්දිය ගෙව්වට පාඩු නොවන බව අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට වඩා මුදලක් රසායනික පොහොර නිසා විවිධ අසනීපයන්ට ලක් වන අයට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වැය කරන බවද පෙන්වා දෙමින්.

දැනටත් පොහොර හිඟයක් නැති බව තහවුරු කරන අමාත්‍යවරයා මෙට්‍රික් ටොන් 40,000 තිබෙන බවත් කාබනික පොහොර වලට හුවමාරු වීමේ තීන්දුවත් සමග බොහෝ පිරිස් එම පොහොර හැංගූ බවද හෙළි කරනවා.

පුරන්  අක්කර 1,50,000 අස්වද්දන සැලැස්ම

පුරන් වූ කුඹුරු අක්කර 1,50,000 ක් තිබෙන බව හෙළි කරන අමාත්‍යවරයා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දමා ඒ සියලු කුඹුරු අස්වැද්දීමට කටයුතු කරන බවද පෙන්වා දෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ කරුණු හෙළි කළේ පාර්ලිමේන්තුව අමතමින්.

සිවිල් ආරක්ෂක බළකායේ නිර්මාතෘවරයා වන්නේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන සරත් වීරසේකර මහතායි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 June 2021 13:29

Related items